30 March 2021

ප්‍රසම්පාදන ටෙන්ඩර් දැන්වීම (2026)

ලංකාපුර ප්‍රාදේශිය සභාවට අයත් පහත උපලේඛනයේ දැක්වෙන වත්කම් 2026.01.01 දින සිට 2026.12.31 දක්වා වු කාලයට බදු දීම සදහා මා විසින් ලංසු කැඳවනු ලැබේ.
2025.11.06 දින සිට 2025.11.26 දින දක්වා පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා උපලේඛනයේ දක්වා ඇති දේපල සදහා ආපසු ගෙවනු ලබන ඇප තැම්පත් මුදල හා ආපසු නොගෙවන ටෙන්ඩර් පෝරම ගාස්තු ගෙවිමෙන් පසු ලංසු අයදුම්පත් හා ටෙන්ඩර් කොන්දේසි ලංකාපුර ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකි අතර ලබාගන්නා ටෙන්ඩර් පෝරමය අයදුම්කරු විසින්ම සම්පූරණ කර තිබිය යුතුය.
එම අවස්ථාවට ලංසුකරුවන්ට හෝ නියෝජිතයන්ට සහභාගි විය හැක. සම්පුර්ණ කරන ලද ලංසු අයදුම්පත් “සභාපති,ලංකාපුර ප්‍රාදේශිය සභාව, තල්පාපොත, පොළොන්නරුව” යන ලිපිනයට ලංසු භාරගන්නා අවසන් වේලාවට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිම හෝ සභාව වෙත පැමිණ ටෙන්ඩර් පෙට්ටියට බහාලිය හැක. ලංසු අයදුම්පත් ඉදිරිපත් කිරිමේ දී ලිපි කවරයේ වම්පස උඩකවරයේ “2025 වර්ෂයෙ ලංසු ඉදිරිපත් කිරිම” යනුවෙන් සහ අයදුම්පත්‍රය ඉදිරිපත් කර ඇති දේපදෙහි නම සඳහන් කලයුතුය. නියමිත බදු මුදල් හිඟ නොමැතිව ගෙවා ඇති බදුකරුවන්ට ප්‍රමුඛතාවය දෙනු ලබන අතර, අසාධුගත දේඛනයේ සිටින බදුකරුවන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන් වෙත ටෙන්ඩර්පත් නිකුත් කරනු නොලැබේ.තවද ඕනෑම ලංසුවක් භාරනොගැනීම හෝ ප්‍රතික්ෂේප කිරිමේ අයිතිය ලංකාපුර ප්‍රාදේශිය සභා ටෙන්ඩර් මණ්ඩලය සතුවේ. අවම ලංසුවට අඩුවෙන් ඉදිරිපත් කරන ටෙන්ඩර් අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන අතර ,ඔවුන්දෙන් හා අයදුම්පත් ලබා දෙන ලංසු ඉදිරිපත් නොකරන අයගේ ඇප මුදල් සභාව සතු කරනු ලැබේ. වැඩි විස්තර කාර්යාල වේලාව තුල ලංකාපුර ප්‍රාදේශිය සභාවේ ලේකම් වෙතින් ලබා ගත හැක.

Top